Friday, December 9, 2016

කදුරු වල්ල


රජවාසල රජකරගෙන හිටි රටේම                         කවටයාය
කවියෙන් රස බස් කීමට හැම මොහොතෙම           සූරයාය

අන්දරේය කීවිගසින් හැම දෙනාම                         හඳුනනවා
විහිලු තහලු නිසා හැමට රස සිතුවිලි ගෙන             එනවා

රජතුමාගෙ තරුණ බිසව දිනක් කඳුළු හොටු          පෙරනව
ඇයිද කියා ඇසූ විටදි තවත් කඳුළු ගලා                  යනව

ඇගේ කඳුළු දකින විටදි රජුගෙ හඳුන්පොත           දනවා
බිසව සනසවා දෙන්නට අන්දරේට                        පවරනවා

අඬන්නෙ ඇයි දැයි කියලා හෙමින් අහනවා           අන්දරෙ
මුණුමුණු ගා බිසෝතොමෝ කියයි මෙසේ             කතන්දරේ

ඈත පේන කිතුල් රෑන දැක්කම මට                       වනන්තරේ
අම්ම මගේ සිහිවෙනවා නෑ නින්දක්                      නිරන්තරේ

කළුවට දිලි ඇගේ වරල හැමදාමත් ඔය                  වාගේ
අකලට මල ඈ සිහිවී දැවෙයි අහෝ හද                  මාගේ

අන්දරේට යමක් සිහිවුණා වාගේ                          පෙනෙන්නේය
පොළවේ හැපි හැපි හූ කියමින් ඔහු දැන්               හඬන්නේය

රජවාසල සෑම සියලු දෙනා වහා දුව                     එනවා
මේ මොකදැයි මේ මොකදැයි හැමදෙනාම           විමසනවා

ඈත පේන එක ලඟ ඇති කදුරු වල්ල දකින          වරේ
පියා මගේ සිහි වෙනවා මා නිතරම ඉපිද               මැරේ

සිංහල ජනකතාවක් ඇසුරෙනි.     

15 comments:

  1. අප්පටසිරි නියමයි ඈ.. දිගටම ලියන්න...මගේ සුබ පැතුම්!

    ReplyDelete
  2. බ්ලොගර් ෆලෝවරය දාන්න

    ReplyDelete
  3. හුකෑස්... මෙන්න යකෝ මදුවා වෙන නමකින් ඇවිත්

    ReplyDelete
    Replies
    1. පිස්සු කෙළින්න එපා කැමරා හොම්බෝ.... මදුවාගේ අහලිංවත් තියන්ට බෑ..

      Delete
  4. ඩිල්ෂා තමයි මටත් කිව්වේ
    එල
    මදුවා නැති පාළුව හැමදාමත් තියෙයි

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් කැමරා හොම්බා පණිවිඩේ දුන්නාට...
      මදුවා ඇවිල්ලා ලෙජන්ඩ් එකක්...

      Delete
  5. නියමයි. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අගය කලාට

      Delete
  6. එල එල..
    දන්න කෙනෙක් වගේ..
    ජයවේවා..!!

    ReplyDelete