Tuesday, July 10, 2018

සුවඳින් හැඳිනීම



උසස් පෙළට ඉගෙන ගන්න පොඩි කෙළි පැටියෙක් උන්නා
පාඩම් වැඩ කරනු පිණිස තව කොලුවෙක් එහි එන්නා

මේ දෙන්නා පාඩම් වැඩ කරන්නෙ උඩ තට්ටුවේය
මව්පිය දෙන්නා නිතරම ඉන්නෙ පහළ තට්ටුවේය

පහළ සිටිය පියා දිනක් කඩල මුලක් රස විඳිනව
කඩල උඩදදා හිනැහී මව්හට ඔච්චම් කරනව

කඩල ඇටය උඩවිසිකර කට දල්වා සිටින්නේය
කටට වැටුණු විගස හෙතෙම හිනැහී ඔජ වඩන්නේය

මෙහෙම දෙතුන් වරක් කළා - මව්ද සිටී සිනා සලා
ඊළඟ එක හුටා පටා - කටේ නැතිව නහයෙ ගියා

හුස්මත් ගන්නට බැරිවී ඔහු උඩපැන නටන්නේය
හොඳටම බිය වී අම්මා යටිගිරියෙන් හඬන්නේය

මේ හඬ ඇසිලා උඩ සිටි දෙන්නා දුවගෙන එන්නා
ඔහොම ඉන්න අංකල් මම ඕකට විසඳුම දෙන්නා

කොල්ලා තම ඇඟිලි තුඩක් නාස් පුඩුවකට දැම්මා
හිරවුණු පුඩුවෙන් පිඹින්න පියාට උපදෙස් දුන්නා

ඒ ප්‍රතිකර්මය නියමයි  කඩල ඇටේ විසිවුණේය
කාගෙත් පැසසුම් ලබමින් කොල්ලා පිටවී ගියේය

ඒකා නම් දක්ෂයෙක්ය අම්මා පුරසාරම් කියනව
ලොකු වෙල කවුරුන් වේවිද පුළුවන් නම් ඔහෙ කියනව

ඒ ගැන හරියට කියන්න නම් මට නම් කිසිවක් නොහැකිය
හැබැයි ඉතිං ටක්කෙට මට මේ දේ නං කියනු හැකිය

උගෙ ඇඟිල්ලෙ සුවඳ අනුව නිසැක ලෙසම මං කියන්නෙ
සැක නෑ මතු අනාගතේ ඌ මගෙ බෑණමයි වෙන්නෙ...

Monday, June 11, 2018

ආදරයේ ඇඳුම




එක දවසක් අම්මට - හිතුණානේ යන්නට
තම පුතුගේ නිවසට - ඔහු දැකලා එන්නට

අම්මා එහි යන විට - සැංගී දොර ලඟ සිට
පැනපි ලේලි ඇඟටම - අමු හෙළුවැල්ලෙන් සිට

පිස්සු හැදිල දැයි තොට - ඉන්නෙ උපන් විලසට
නැන්දම්මා ඇහුව ලෙසට - ඈ ඇඹරෙයි විළිපිට

සමාවෙන්න මව් මට - හිතුවේ ඔහු විලසට
ඒකයි දොර අස්සෙ හිටං - පැන්නේ මේ විලසට

විලිසංගය නැතුවට - හැසිරෙන්නේ මෙලෙසට
ඇඳුමක් දාගං විගහිං - ඈ ගොරවයි රුදුවට

අම්මා මේ අහන්ට -  ලැජ්ජයි මට කියන්ට
මේකයි ආදරේ ඇඳුම - ඔහු කැමතිම දකින්ට

මේක අහපු අම්මට - හිතුණා මේ විලසට
මමත් ඇඳිය යුතු වේ මේ - අලුත්ම ඇඟලුම හෙට

පසුදා ගොස් නිවසට - සැමියා එන මොහොතට
හෙළුවෙන් ඉඳගෙන උන්දා - පැනපි ඔහුගෙ සිරුරට

වයසක සැමියාහට - මහ පුදුමෙකි දක්නට
මදන යකා වැහුණාදැයි - ඇහුවා ඔහු හනිකට

ගියාට අපි වයසට - අඩු නෑ සෙනෙහස මට
මේකයි ආදරේ ඇඳුම - ලස්සනයිද එය මට

මේක අහපු සැමියට - හිනාගියා හෙමිහිට
ඇඳුම මැදල තිබුණා නම් - අගෙයි කියවුණා හිට

**** - හුදු හාස්‍ය උදෙසා පමණයි.

Friday, December 16, 2016

මොන වදයක්ද මන්දා...


දුෂ්කර ගම් තුලානෙකී කඳුකර පෙදෙසක තියෙනා
එහි ඉන්නා විදානෙකී ගම්මානෙම හඳුනන්නා...

හැට පැන්නත් යකඩ වගේ හයි හත්තිය පවතින්නා
ගම උන්දත් විදානෙගේ හෙවනැල්ලක් මෙන් උන්නා

හැට පැන්නත් වඳුරු තෙමේ බිම යන්නේ නෑ වාගේ
විදානෙගේ මදන විසේ නිතර පෙළයි ගම මහගේ

හැමදාමත් රෑ තිස්සේ නින්දක් නෑ ඇඳ ගැස්සේ
විදානෙගේ නාකි විසේ කොල්ලෙක් වාගේ විස්සේ

ඔහේ වාගේ නෙවෙයි වදේ මට බෑ මෙය ඉවසන්නට
කොච්චර කිව්වත් මහගේ බෑ විදානෙ වළකන්නට

මහ රෑටත් හිටි හැටියේ මද කිපිච්ච ඇතා වගේ
මහගේ ඉන්නවා ඔහේ ඒක මගේ නෙවේ වගේ

දිනක් පන්සලේ තිබුණේ සුමිහිරි සදහම් දෙසුමක්
මේ ජෝඩුව වෙත ලැබුණේ ඉදිරි පෙළේ හොඳ අසුනක් 

රෑ බෝවී එන අතරේ ගම මහගේ නිදි කිරනව
ඇගෙ ගෙරවුම් නද ඇහෙද්දි කෙල්ලෝ කිචි බිචි ගානව

ඕයි ඕයි මේ අහනව.. නැගිටිනවායැයි කෙඳුරුව
විදානෙ ළංවිය හෙමිහිට ගම මහගේ වෙත නැඹුරුව

මොන මළ වදයක්දැයි මේ මහ සද්දෙන් කියමින්නේ....
ඕනැ එකක් කරගන්නේ ඈ රෙදිපට ඔසවන්නේ...

Friday, December 9, 2016

කදුරු වල්ල


රජවාසල රජකරගෙන හිටි රටේම                         කවටයාය
කවියෙන් රස බස් කීමට හැම මොහොතෙම           සූරයාය

අන්දරේය කීවිගසින් හැම දෙනාම                         හඳුනනවා
විහිලු තහලු නිසා හැමට රස සිතුවිලි ගෙන             එනවා

රජතුමාගෙ තරුණ බිසව දිනක් කඳුළු හොටු          පෙරනව
ඇයිද කියා ඇසූ විටදි තවත් කඳුළු ගලා                  යනව

ඇගේ කඳුළු දකින විටදි රජුගෙ හඳුන්පොත           දනවා
බිසව සනසවා දෙන්නට අන්දරේට                        පවරනවා

අඬන්නෙ ඇයි දැයි කියලා හෙමින් අහනවා           අන්දරෙ
මුණුමුණු ගා බිසෝතොමෝ කියයි මෙසේ             කතන්දරේ

ඈත පේන කිතුල් රෑන දැක්කම මට                       වනන්තරේ
අම්ම මගේ සිහිවෙනවා නෑ නින්දක්                      නිරන්තරේ

කළුවට දිලි ඇගේ වරල හැමදාමත් ඔය                  වාගේ
අකලට මල ඈ සිහිවී දැවෙයි අහෝ හද                  මාගේ

අන්දරේට යමක් සිහිවුණා වාගේ                          පෙනෙන්නේය
පොළවේ හැපි හැපි හූ කියමින් ඔහු දැන්               හඬන්නේය

රජවාසල සෑම සියලු දෙනා වහා දුව                     එනවා
මේ මොකදැයි මේ මොකදැයි හැමදෙනාම           විමසනවා

ඈත පේන එක ලඟ ඇති කදුරු වල්ල දකින          වරේ
පියා මගේ සිහි වෙනවා මා නිතරම ඉපිද               මැරේ

සිංහල ජනකතාවක් ඇසුරෙනි.