Friday, December 9, 2016
කදුරු වල්ල
රජවාසල රජකරගෙන හිටි රටේම කවටයාය
කවියෙන් රස බස් කීමට හැම මොහොතෙම සූරයාය
අන්දරේය කීවිගසින් හැම දෙනාම හඳුනනවා
විහිලු තහලු නිසා හැමට රස සිතුවිලි ගෙන එනවා
රජතුමාගෙ තරුණ බිසව දිනක් කඳුළු හොටු පෙරනව
ඇයිද කියා ඇසූ විටදි තවත් කඳුළු ගලා යනව
ඇගේ කඳුළු දකින විටදි රජුගෙ හඳුන්පොත දනවා
බිසව සනසවා දෙන්නට අන්දරේට පවරනවා
අඬන්නෙ ඇයි දැයි කියලා හෙමින් අහනවා අන්දරෙ
මුණුමුණු ගා බිසෝතොමෝ කියයි මෙසේ කතන්දරේ
ඈත පේන කිතුල් රෑන දැක්කම මට වනන්තරේ
අම්ම මගේ සිහිවෙනවා නෑ නින්දක් නිරන්තරේ
කළුවට දිලි ඇගේ වරල හැමදාමත් ඔය වාගේ
අකලට මල ඈ සිහිවී දැවෙයි අහෝ හද මාගේ
අන්දරේට යමක් සිහිවුණා වාගේ පෙනෙන්නේය
පොළවේ හැපි හැපි හූ කියමින් ඔහු දැන් හඬන්නේය
රජවාසල සෑම සියලු දෙනා වහා දුව එනවා
මේ මොකදැයි මේ මොකදැයි හැමදෙනාම විමසනවා
ඈත පේන එක ලඟ ඇති කදුරු වල්ල දකින වරේ
පියා මගේ සිහි වෙනවා මා නිතරම ඉපිද මැරේ
සිංහල ජනකතාවක් ඇසුරෙනි.
Subscribe to:
Post Comments (Atom)
අප්පටසිරි නියමයි ඈ.. දිගටම ලියන්න...මගේ සුබ පැතුම්!
ReplyDeleteස්තූතියි ඈ...
Deleteබ්ලොගර් ෆලෝවරය දාන්න
ReplyDeleteඕං දැම්මා...
Deleteහුකෑස්... මෙන්න යකෝ මදුවා වෙන නමකින් ඇවිත්
ReplyDeleteපිස්සු කෙළින්න එපා කැමරා හොම්බෝ.... මදුවාගේ අහලිංවත් තියන්ට බෑ..
Deleteඩිල්ෂා තමයි මටත් කිව්වේ
ReplyDeleteඑල
මදුවා නැති පාළුව හැමදාමත් තියෙයි
තෑන්ක්ස් කැමරා හොම්බා පණිවිඩේ දුන්නාට...
Deleteමදුවා ඇවිල්ලා ලෙජන්ඩ් එකක්...
නියමයි. දිගටම ලියන්න.
ReplyDeleteස්තුතියි අගය කලාට
Deleteජයවේවා
ReplyDeleteතෑන්ක්යූ වේවා..
Deleteඑල එල..
ReplyDeleteදන්න කෙනෙක් වගේ..
ජයවේවා..!!
“ලබ්බ“
Deleteවල් මදාවියා ද ?
ReplyDelete