Friday, December 16, 2016

මොන වදයක්ද මන්දා...


දුෂ්කර ගම් තුලානෙකී කඳුකර පෙදෙසක තියෙනා
එහි ඉන්නා විදානෙකී ගම්මානෙම හඳුනන්නා...

හැට පැන්නත් යකඩ වගේ හයි හත්තිය පවතින්නා
ගම උන්දත් විදානෙගේ හෙවනැල්ලක් මෙන් උන්නා

හැට පැන්නත් වඳුරු තෙමේ බිම යන්නේ නෑ වාගේ
විදානෙගේ මදන විසේ නිතර පෙළයි ගම මහගේ

හැමදාමත් රෑ තිස්සේ නින්දක් නෑ ඇඳ ගැස්සේ
විදානෙගේ නාකි විසේ කොල්ලෙක් වාගේ විස්සේ

ඔහේ වාගේ නෙවෙයි වදේ මට බෑ මෙය ඉවසන්නට
කොච්චර කිව්වත් මහගේ බෑ විදානෙ වළකන්නට

මහ රෑටත් හිටි හැටියේ මද කිපිච්ච ඇතා වගේ
මහගේ ඉන්නවා ඔහේ ඒක මගේ නෙවේ වගේ

දිනක් පන්සලේ තිබුණේ සුමිහිරි සදහම් දෙසුමක්
මේ ජෝඩුව වෙත ලැබුණේ ඉදිරි පෙළේ හොඳ අසුනක් 

රෑ බෝවී එන අතරේ ගම මහගේ නිදි කිරනව
ඇගෙ ගෙරවුම් නද ඇහෙද්දි කෙල්ලෝ කිචි බිචි ගානව

ඕයි ඕයි මේ අහනව.. නැගිටිනවායැයි කෙඳුරුව
විදානෙ ළංවිය හෙමිහිට ගම මහගේ වෙත නැඹුරුව

මොන මළ වදයක්දැයි මේ මහ සද්දෙන් කියමින්නේ....
ඕනැ එකක් කරගන්නේ ඈ රෙදිපට ඔසවන්නේ...

Friday, December 9, 2016

කදුරු වල්ල


රජවාසල රජකරගෙන හිටි රටේම                         කවටයාය
කවියෙන් රස බස් කීමට හැම මොහොතෙම           සූරයාය

අන්දරේය කීවිගසින් හැම දෙනාම                         හඳුනනවා
විහිලු තහලු නිසා හැමට රස සිතුවිලි ගෙන             එනවා

රජතුමාගෙ තරුණ බිසව දිනක් කඳුළු හොටු          පෙරනව
ඇයිද කියා ඇසූ විටදි තවත් කඳුළු ගලා                  යනව

ඇගේ කඳුළු දකින විටදි රජුගෙ හඳුන්පොත           දනවා
බිසව සනසවා දෙන්නට අන්දරේට                        පවරනවා

අඬන්නෙ ඇයි දැයි කියලා හෙමින් අහනවා           අන්දරෙ
මුණුමුණු ගා බිසෝතොමෝ කියයි මෙසේ             කතන්දරේ

ඈත පේන කිතුල් රෑන දැක්කම මට                       වනන්තරේ
අම්ම මගේ සිහිවෙනවා නෑ නින්දක්                      නිරන්තරේ

කළුවට දිලි ඇගේ වරල හැමදාමත් ඔය                  වාගේ
අකලට මල ඈ සිහිවී දැවෙයි අහෝ හද                  මාගේ

අන්දරේට යමක් සිහිවුණා වාගේ                          පෙනෙන්නේය
පොළවේ හැපි හැපි හූ කියමින් ඔහු දැන්               හඬන්නේය

රජවාසල සෑම සියලු දෙනා වහා දුව                     එනවා
මේ මොකදැයි මේ මොකදැයි හැමදෙනාම           විමසනවා

ඈත පේන එක ලඟ ඇති කදුරු වල්ල දකින          වරේ
පියා මගේ සිහි වෙනවා මා නිතරම ඉපිද               මැරේ

සිංහල ජනකතාවක් ඇසුරෙනි.